කහටගස්දිගිලිය දඹගොල්ල ප්‍රදේශයේ දී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
දඹගොල්ල ප්‍රදේශයේ බඩ ඉරිඟු හේනක බඩ ඉරිඟු සුද්ද කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට එම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි දිවුල්වැව පොලිසිය පැවසුවේ.
වන අලි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඔවුන් දිව යාමට උත්සහ දරද්දී ඉන් එක් පුද්ගලයකු වන අලියාගේ පහරදීමට ලක්ව තිබූ අතර සෙසු පුද්ගලයින් දෙදෙනා දිව ගොස් දිවි බේරා ගෙන ඇති බවද පොලිසිය පැවසුවා.
වන අලි ප්‍රහාරයට ලක්ව එලෙස මියගොස් ඇත්තේ දඹගොල්ල මීමින්නාවල යන ලිපිනයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.