Saturday, March 15, 2025

General line - 0115112241

මූතූර් ද්විත්ව ඝාතන සිද්ධියට 15 හැවිරිදි දැරිය අත්අඩංගුවට



මූතූර් පොලිස් වසමේ තාහානගර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවන් දෙදෙනාගේ 15 හැවිරිදි මිණිබිරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාවන් දෙදෙනා තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇත්තේ අද උදෑසනයි.

අවුරුදු 68 සහ 74 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් එලෙස ඝාතනයට ලක්ව තිබුණා. එහිදී සුළු තුවාල ලබා සිටි 15 හැවිරිදි ගැහැණු ළමයෙකුද රෝහල්ගත කළ බවයි පොලීසිය පැවසුවේ.

පසුව සිදුකළ පොලිස් විමර්ශනයේදී අදාළ ගැහැණු දැරිය විසින් මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

සිය මිත්තණියන් දෙදෙනා තවත් මුනුබුරන් දෙදෙනෙකුට තමන්ට වඩා හොඳින් සැලකීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුල මත මෙම ඝාතනය සිදුකළ බව සැකකාර දැරිය ප්‍රකාශ කර ඇති බව පොලීසිය පැවසුවා.