බංග්ලාදේශයේ වෙසෙන ආගමික හා වාර්ගික සුළුතරයන්ට මෙන්ම ආදිවාසී ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව සිදුවන බවට බංග්ලාදේශයේ විශාලතම සුළුතර කණ්ඩායම වන බංග්ලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි එක්සත් කවුන්සිලය චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ බංග්ලාදේශ සංචාරයට පෙර එම කණ්ඩායම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම වසරේ මුල් මාස දෙක තුළ, එනම් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී සුළු ජාතීන් සහ ආදිවාසී ජනතාව ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා 92 ක් සිදුවී ඇති බවයි.
ඒ අනුව රට තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් 92 න් මිනීමැරුම් 11 ක්, ස්ත්‍රී දූෂණ තුනක්, පන්සල්වලට ප්‍රහාර 25 ක්, ආගමික අපහාස සිද්ධියක්, ආදිවාසීන්ට පහරදීම් 6 ක්, ප්‍රහාර 38 ක්, විනාශ කිරීම් සහ නිවාස සහ ව්‍යාපාර කොල්ලකෑම්, රැකියාවලින් නෙරපා හැරීම් දෙකක් සහ තවත් ප්‍රහාර 6 ක් සිදුවී ඇති බව ද ඔවුන් පවසයි.
පසුගිය වසරේ අගෝස්තු 4 සිට දෙසැම්බර් 31 දක්වා මාස පහ තුළ සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර 2,184 ක් සිදුවී ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
මේ අතර, පසුගිය මාස 13 තුළ ඉන්දීය-බංග්ලාදේශ දේශසීමාවේදී ඉන්දීය භූමියට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී බංග්ලාදේශ පුරවැසියන් 2,601 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (MHA) රාජ්‍ය සභාවට දැනුම් දුන්නේය.