Monday, April 14, 2025

General line - 0115112241

රුසියාවෙන් දුන්න පොහොර බෙදීම ප්‍රමාද වූ හේතුවක් හෙළි වෙයි



අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනය අදයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.

මේ අතර ඊයේ දිනයේදී විවාදයට ගැණුනේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ වැයශිර්ෂයි.

රුසියාවෙන් ලැබුණු පොහොර බෙදාහැරීමේ ප්‍රමාදයක් සම්බන්ධයෙන් එම විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අතර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.