අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් පොඩි සුද්දා වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ ඊයේ පස්වරු 06යි 30ට පමණ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
බරපතල තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට රැගෙන යන අනතුරදී මියගොස් තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද අම්බලන්ගොඩ පොලීසිය පැවසුවා.