කෘෂිකාර්මික බෝග හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය අද පෙරවරුවේ පැවැත්වුණා.
ඒ, පෙරවරු 08 සිට 08යි 05 දක්වා කාලය තුළයි.
එම කාලය තුළ වනාන්තර බිම් හැර දිවයිනේ සියලු ගෘහ ඒකක, වගා බිම්, සිද්ධස්ථාන, පාසල්, රජයේ හා රජයේ නොවන ආයතන ආශ්‍රිතව සිටි වඳුරන්, රිලවුන්, දඬුලේනුන් හා මොණරුන්ගේ සංඛ්‍යා දත්ත එක්රැස් කරගනු ලැබුවා.
ඊට අදාළ දත්ත ඇතුළත් කිරීම සඳහා ජනතාව වෙත කුඩා ප්‍රමාණයේ ආකෘති පත්‍රයක්ද ලබා දී තිබුණා.
අදාළ සංගණනයට තමන්ද එක් වූ බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
දත්ත ඇතුළත් කිරීම සඳහා ලබා දුන් ආකෘති පත්‍රය යළි අදාළ නිලධාරියාට භාර දෙන ලෙසට මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.
එම වනජීවී සංගණනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ මෙලෙසයි.
වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම සමාජයේ දැඩි කතාබහකට ලක් වුණා.
ඒ සම්බන්ධයෙන් ගොවීන් ඇතුළු ඇතැම් පිරිස් කියා සිටියේ එම ජාතික සංගණනය ප්‍රායෝගික නොවන බවයි.
කෙසේවෙතත් රජය මෙන්ම ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ මෙවැනි සංගණනයක් රටට අවශ්‍ය බවයි.
අඩුපාඩු පැවතියද එම සංගණනය සිදු කළ යුතු බවද ඔවුන් පෙන්වා දුන්නා.
මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේ.