ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තියුණු ආයුධවලින් පහරදී අදාළ තරුණයන් දෙදෙනා අද අලුයම ඝාතනය කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නවලෝකපුර සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම තරුණයන් දෙදෙනා එලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.