Sunday, March 16, 2025

General line - 0115112241

වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් ලක්ෂ හයක් දිවයිනට - ඉදිරියේදී නව සංචාරක කලාප හයක්



මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් ලක්ෂ 06ක් දිවයිනට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හසාරා ලියනගේ මහත්මිය පවසනවා.

එමෙන්ම විවිධ ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයක පසුවන බවයි අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ඊයේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය පැවසුවේ.


මේ අතර මෙරට සංචාරක කලාප ගණන 32ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විවාදයට එක්වෙමින් පැවසුවා. 


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා.