Sunday, April 13, 2025

General line - 0115112241

මිසයිල ප්‍රහාරයකින් ISIS ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා මරුට



ඇමෙරිකාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් අයි එස් අයි එස් සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා මියගොස් තිබෙන බව ඇමෙරිකාව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අයි එස් අයි එස් ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු කදීජා නොහොත් අබ්දුල්ලා මක්කි මුස්ලි අල් රිෆායි.

ඉරාකයේ අල් අන්බාර් ප්‍රදේශයට ප්‍රහාරය එල්ල වන විට මොහු මරාගෙන මැරෙන ඇදුම්වලින් සැරසී ආයුධ සන්නද්ධව සිට තිබෙනවා 

ඇමෙරිකා ප්‍රහාරවලින් මිය ගොස් ඇත්තේ රිෆායි බව ඩී එන් ඒ පරීක්ෂණ වලින්ද තහවුරු වුණා.

(ISIS) ත්‍රස්ත කණ්ඩායමේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා වූ අතර ගෝලීය වශයෙන් එම කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා 

තවද අයි එස් අයි එස් සංවිධානයේ සැපයුම්,  සැලසුම් සහ මූල්‍ය කළමනාකරණය අබු කදිජා විසින් අධීක්ෂණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

2023 දී  ඇමෙරිකාව විසින් අබු කදීජාට සම්බාධක පැනවූ අතර, ඔහු ඉරාකයේ සහ සිරියාවේ ISIS පාලනය යටතේ පවතින ප්‍රදේශවල ආණ්ඩුකාරයා ලෙස කටයුතු කර තිබෙනවා 

මෙම ප්‍රහාරයෙන් තවත් ISIS ක්‍රියාකාරිකයෙකු ද මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුඩානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රිෆායි ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙකු ලෙස සැලකිය හැකි බවයි