හෙට දිනයේ ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයන්ට විභාග මධ්‍යස්ථාන වෙත කල්වේලාව ඇතිව පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරනවා.
තමන්ට අදාළ ප්‍රවාහන සේවාවන් පිළිබඳව විභාග කාල සීමාව තුළ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ.
අපේක්ෂකයෙකුට විභාග මධ්‍යස්ථානය තුළට රැගෙන යා හැකි ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද එහිදී පැහැදිළි කෙරුණා.
එහිදී විභාග අපේක්ෂකයන්ගේ දෙමව්පියන්ගෙන් ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කළා.