Sunday, April 13, 2025

General line - 0115112241

මැදිරිගිරිය සංගීත සංදර්ශනයෙදී ප්‍රචණ්ඩව හැසිරුණු හයක් අත්අඩංගුවට



මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු මැදිරිගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හය දෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් හෙට දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වනදා රාත්‍රියේ දිවුලන්කඩවල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සංගීත සංදර්ශනයක් අතරතුර එම කලහකාරී තත්ත්වය හටගෙන තිබුණා.

සංගීත සංදර්ශනය සඳහා සහභාගී වන බවට ප්‍රකාශ කර තිබු ගායකයින් දෙපළක් ඒ සඳහා සහභාගී නොවීම හේතුවෙන් එම කලහකාරී තත්ත්වය හට ගෙන ඇති බවයි වාර්තා වුණේ. 

අදාළ ගායකයින් දෙපළ නොපැමිණීමත් සමඟ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ප්‍රසංගයේ පුටු ඇතුළු දේපළ මෙන්ම සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලට ද පහරදී අලාභහානි සිදුකර තිබෙනවා.

එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් යොදවා තිබුණ ද ඇති වූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බවයි වාර්තා වුණේ.

ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මැදිරිගිරිය පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.