කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉදිරි පැය කිහිපය දක්වා වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයවලට අදාළවයි.
රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් සැලකිලිමත්වන ලෙසට එම නිවේනයෙන් දැනුම් දී තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.