සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අද දිනයේ විසඳුමක් නොලැබුණහොත් හෙට උදෑසන 08.00 සිට වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ අද දිනයේ සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශය සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.
එම සාකච්ඡාවෙන් ලැබෙන තීන්දු තීරණ අනුව අද පස්වරුවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසුවේ.