Tuesday, March 18, 2025

General line - 0115112241

රෝහල්ගතව සිටීන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පළමු ඡායාරූපය වතිකානුව නිකුත් කරයි



රෝහල් ගත කර සිටින අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනී සිටින ඡායාරූපයක් වතිකානුවෙන් මාධ්‍යවලට නිකුත් කර තිබෙනවා 

එම ලබා ගත් සේයාරුව මාධ්‍යවලට අනාවරණ කෙරුණේ උන් වහන්සේට ආශිර්වාද එක්කිරීමට ළමයින්ගේ සහභාගිත්වයෙන් සංවිධාන කර තිබූ හග් ඔෆ් හෝප් හෙවත් බලාපොරොත්තුවේ වැළඳගැනීම නම් ඉසව්වට සමගාමීව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

නියුමෝනියාව ඇතුළු පෙනහළු ආශ්‍රිත අසනීප තත්වයක් හේතුවෙන් පෙබරවාරි 14 වන දින රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කර තිබුනා 

තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින්පසු වන උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි වතිකානුව සඳහන් කර සිටියේ.

88 හැවිරිදි අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුවවන තෙක් ප්‍රතිකාර දිගටම කරගෙන යාම සඳහා ඔහුට රෝහලක රැඳී සිටීමට සිදුවනු ඇතැයි වතිකානුව වැඩි දුරටත්සඳහන් කර තිබෙනවා.