Tuesday, March 18, 2025

General line - 0115112241

වෛද්‍යවරිය කෙලෙසු වූ සැකකරු යලි රිමාන්ඩ්



අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, එම සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු එම සැකකරු අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඉකුත් 14 වනදායි.