Tuesday, March 18, 2025

General line - 0115112241

දීමනා ගැටළුවක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද වැඩ වර්ජනයක්



දීමනා ගැටළුවක් මුල්කර ගනිමින් අද උදෑසන 07.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ මුදල් අමාත්‍යංශයේ බලධාරින් සමග ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට යොමු වූ බවයි.

වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.