Wednesday, March 19, 2025

General line - 0115112241

පොහොර සහනාධාර මුදල් සොරාගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදී අනාවරණයක්



රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් සොරාගෙන ඇතැයි අනාවරණය වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

එම මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති බව මේ වන විට හෙළි වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින්.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155 දෙනෙකුට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් ලක්ෂ විසි නවයකට අධික මුදලක් සොරගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි.

මේ අතර රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

ඊට පිළිතුරු ලබාදුන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ ක්‍රමානුකූලව උපාධිධාරීන්ට රැකියා ලබාදෙමින් සිටින බවයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා යන අමාත්‍යංශවල වැය ශීර්ෂ මේ වන විට විවාදයට ගැනෙනවා.

එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.