ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ නැමැත්තාට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීමට නීතිඥවරුන් දෙදෙනෙකු අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
එම නීතිඥවරුන් පවසා ඇත්තේ පොඩි ලැසීට එරෙහිව ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම පිළිබද පමණක් චෝදනාවක් එල්ල වී ඇති බවයි.
ඉන්දියාව තුළදී තම සේවාදායකයා වෙනුවෙන් මේ වන විටත් ඉන්දීය නීතිඥවරුන් කිහිප දෙනෙකු පෙනී සිටින බවත්, ඉන්දියාවේ දී ඇප ලැබුණහොත් මෙරට තුළ පොඩි ලැසීට ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
එම නඩුව ලබන 21 වන දින ඉන්දියාවේ මුම්බායි නුවර, තානේ අධිකරණයේ දී විභාග වීමට නියමිතයි.