පාසල් ක්‍රිකට් සංවර්ධනය නොකර කොතෙකුත් ක්‍රීඩාංගණ ඉදිකලත් පළක් වේදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා.
ඒ, අද පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ක්‍රීඩකයින්ගේ පහසුකම් පිළිබඳ ප්‍රශ්න කළ අතර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
මේ අතර අපනයන ක්ෂේත්‍රයට පනවා ඇති සියයට 15ක බද්ද සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 17 වන දිනය හෙටයි.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය එහිදී විවාදයට ගැනෙනවා.