Wednesday, March 19, 2025

General line - 0115112241

දේශබන්දු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙයි



(Update)

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ අද පෙරවරු 08යි 30ට පමණ ඔහු මෙලෙස අධිකරණ සංකීර්ණයට පැමිණි බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කළා.        

ඒ අනුව ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.