අද පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි ඔහු අද පෙරවරුවේ සිය නීතීඥවරුන් සමග පැමිණ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණා.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම 2020 වසරේ සිට ඡන්ද හිමි නමලේඛනයේ පවා නොමැති බවයි.
ඔහු මේ සමාජයේ ජිවත්ව ඇත්තේ ගෝස්ට් හෙවත් හොල්මනක් ලෙස බවයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
“දින විස්සක් පුරා මේ තැනැත්තා සොයමින් සිටින අවස්ථාවක අධිකරණයේ බංකුව දක්වා පැමිණියේ කොහොමද කාගෙවත් ඇසකට හසු නොවි. ඒ වගේම පසුගිය දවස් 20පුරා සැඟවිලා හිටිය තැන ගැන විශේෂයෙන්ම විමර්ශනය කළ යුතුයි.” යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා අධිකරණයට හමුවේ පැවසුවා.
මොහු පොලිස්පතිවරයාට නොව අවම වශයෙන් පොලිස් කොස්තාපල් තනතුරටවත් සුදුසු නොවන බවත් පොලිස් කොස්තාපල් යනුවෙන් හැඳින්වීමද ඔවුන්ට පවා කරන නිගරුවක් බවයි දීලිප පිරිස් මහතා පැවසුවේ.
ඔහු කියා සිටියේ මේ දක්වා සිදු කළ පරික්‍ෂණවලදී දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවාස 08ක් ඇති බව අනාවරණ වී ඇති බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා හරක් කටා, මාකදුරේ මධුශ්ට වඩා දරුණු ඝනයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් බවත් තමන්ගේ බලය අනිසි ලෙස භාවිතා කර ඇති බවත් ඇප නොදී විමර්ශන අවසන් වන තෙක් රිමාන්ඩ් කරන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සඳහන් කළේ කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කර ඇප දෙනවාද නැද්ද යන්න නියෝගය හෙට ප්‍රකාශයට පත් කරන බවයි.
මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
මාතර බන්ධනාගාරයේ නොතබා ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින්.