පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න 12න් අවසන් වනවා.
නාම යෝජනා භාර ගැනීම ආරම්භ වූයේ ඉකුත් 17 වනදා සිටයි.
අද මධ්‍යහ්න 12න් නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව පැය එක හමාරක කාලයක් විරෝධතා ගොනු කිරීමට ලබා දෙනවා.
නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
මේ අතර ජාතික ජන බලවේගය ලෙස සියලු පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දෙන බවයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ.
කොළඹ මහනගර සභාවේ අපේක්‍ෂකයා කවුරුන්දැයි අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සියලු නාමයෝජනා පත්‍ර සකස් කර අවසන් කළ බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ.
එක්සත් ජාතික පක්ෂයද සියලු පළාත් පාලන ආයතන සඳහා තරඟවදින බවයි එහි සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ඊයේ මධ්‍යහ්න 12න් අවසන් වුණා.