වෙළඳපොළ තුළ සහල් මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා.
ඔවුන් සඳහන් කළේ බොහෝ ප්‍රදේශවල පාලන මිලද ඉක්මවා සහල් අලෙවි වන බවයි.
මෙලෙස ඉහළ ගොස් ඇත්තේ විවිධ වෙළඳ නාම යටතේ අලෙවි වන සහල් බවද පාරිභෝගිකයින් පවසනවා.
පාලන මිල රුපියල් 220ක් වූ නාඩු සහල් ඇතැම් ප්‍රදේශවල අලෙවි වන්නේ රුපියල් 230කට ආසන්න මිලකට බවයි වාර්තා වන්නේ.
පාලන මිල රුපියල් 240ක් වන සම්බා සහල් රුපියල් 260කට ආසන්න මිලකට අලෙවි කරන බවටද වාර්තා වනවා.
පාලන මිල රුපියල් 260ක් වූ කීරි සම්බා ඇතැම් වෙළඳ නාම යටතේ අලෙවි වන්නේ රුපියල් 300කටයි.
සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද ඊයේ අදහස් පළ වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා.
කෙසේවෙතත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් සිදු කරන මෙම සහල් මිල නැංවීම පාලනය කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙනවා.