Thursday, March 20, 2025

General line - 0115112241

 20 වන ලෝක ‘මූයි තායි’ ශූරතා තරඟාවලියේ ජයග්‍රහණ ලැබූ  ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ටීකේජී කපිල



තායිලන්තයේ පැවති 20 වන ලෝක ‘මූයි තායි’ ශූරතා තරඟාවලියේ ජයග්‍රහණ හිමි කරගත් ශ්‍රී ලංකා මූයි තායි ක්‍රීඩකයන් යළි දිවයිනට පැමිණ තිබෙනවා.    

මෙම තරඟාවලිය සංවිධාන කර තිබුණේ ලෝක මූයි තායි සම්මේලනය විසින්.

තරඟාවලිය ඉකුත් 09 වනදා සිට 19 වනදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර නිමිනුත් ක්‍රීඩාංගනයේදී පවත්වා තිබෙනවා.

ඒ, ලෝකයේ රටවල් 42ක මූයි තායි ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන්.

මෙම තරඟාවලියෙන් රන් පදක්කම් 02ක් , රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මූයි තායි ක්‍රීඩකයන් සමත් වුණා.

එක් රන් පදක්කමක් ජයග්‍රහණය කර ඇත්තේ කිලෝ ග්‍රෑම් 37 බර පංතිය, වයස අවුරුදු 10 - 11 කාණ්ඩය සඳහා සහභාගී වූ සෙහස් අකීස විසින්.

ඔහු 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

කිලෝ ග්‍රෑම් 54 බර පංතිය යටතේ විවෘත අංශයෙන් තරඟ කළ තරින්ද දසුන්ප්‍රිය අනෙක් රන් පදක්කම දිනාගෙන තිබුණා.