චිලි රාජ්‍යයේ අටකාමා කාන්තාරයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති චීන නිරීක්ෂණාගාරයක් අවලංගු කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
ඒ අමෙරිකානු නිලධාරීන් එහි චීන හමුදාව යෙදවීමේ හැකියාවක් පවතින බවට මතු කණස්සල්ල නිසා බවයි වාර්තා වන්නේ.
චිලී රජය මේවනවිට එම ව්‍යාපෘතිය සමාලෝචනය කරමින් සිටින අතර දේශීය විශ්ව විද්‍යාලයක් සහ චීනයේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය අතර ගිවිසුම අවහිර කිරීම ප්‍රතික්ෂේප කර නොමැති බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති මෙම නිරීක්ෂණාගාරය චිලී හි උතුරු ප්‍රදේශයේ Antofagasta හි තාරකා විද්‍යා අධ්‍යයනය සඳහා ප්‍රමුඛ ස්ථානයක් වන Cerro Ventarrones මත ඉදි කිරීමට නියමිතව තිබුණා.
චිලියේ Universidad Católica del Norte සමඟ හවුල්කාරිත්වයක් හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර ආර්ජන්ටිනාවේ සහ වෙනිසියුලාවේ සමාන මුල පිරීම් ඇතුළත් චීනයේ පුළුල් අභ්‍යවකාශ උපාය මාර්ගයේ ප්‍රධාන කොටසක් පිහිටුවීමට නියමිතව තිබූ බව ද සඳහන්.
ගැඹුරු අභ්‍යවකාශ තාරකා විද්‍යාත්මක සිදුවීම් සහ ග්‍රහක සහ වල්ගාතරු වැනි පෘථිවියට ආසන්න වස්තූන් නිරීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දුරේක්ෂ 100 ක් පමණ ස්ථානගත කිරීමටයි සැලසුම් කර තිබී ඇත්තේ.
චිලී විද්‍යාඥයින්ට පහසුකම් සඳහා යෝජනා වී ඇත්තේ සීමිත ප්‍රවේශයක් වූ නමුත් චීන පර්යේෂකයන් සමඟ ඒකාබද්ධ පර්යේෂණවල නිරත වීමට අවස්ථාව හිමිව තිබූ බව ද සඳහන්.
චිලී යනු තාරකා විද්‍යා පර්යේෂණ සඳහා ප්‍රමුඛ ස්ථානයකි.
එහි දුරස්ථ ඉහළ උන්නතාංශ භූමිය සහ පැහැදිලි අහස හේතුවෙන් එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානයෙන් ජාත්‍යන්තර නිරීක්ෂණාගාර පිහිටුවා තිබෙනවා.