වරායේ සිරවී ඇති ජපානයෙන් ආනයනය කළ වාහන 400කට ආසන්න ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා දැන් අවස්ථාවක් උදා වී තිබෙනවා.
ඒ, සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමගයි.
මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් පළමුවරට අනාවරණ කළේ නෞකා දෙකකින් ගෙන ආ මෙම වාහන නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දී ඇති බවයි.