Monday, April 14, 2025

General line - 0115112241

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ



අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ අවසන් ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.

ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදය 20 වන දිනටත් අද දිනයේ පැවැත්වීමෙන් අනතුරුවයි.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ දෙවන දිනටත් අද විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 09යි 30ට ආරම්භ වීමට නියමිත අතර සවස 06ට අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.  

මේ අතර අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා.