Monday, April 14, 2025

General line - 0115112241

 ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමට සැකකාරියක් අත්අඩංගුවට



ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉකුත් 18 වනදා  රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳයි.

සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉකුත් 17 වනදා රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

එම වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා තුවාල ලැබුවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.