ඔස්ට්‍රේලියාව එරට ප්‍රධාන නගර ආසන්නයේ මිසයිල අවි ගබඩා ශක්තිමත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ, චීනයේ මෑත කාලීන නාවික මෙහෙයුම් වලින් පසුවයි.
චීනය මෑතකාලීනව අවස්ථා කිහිපයකදී ආසියානු පැසිෆික් සාගර කලාපය තුළ නාවික හමුදා අභ්‍යාසවල නිරත වු අතර කිහිපයක් සිදු කෙරුණේ ඔස්ට්‍රේලියාව ආසන්නයේදීයි.
ඉකුත් දා රොයිටර් වාර්තා කළේ, ඔස්ට්‍රේලියාව චීනයට එරෙහිව සිය හමුදා සූදානම තීව්‍ර කරමින් සිටින බව එහි හමුදා උසස් දිගු දුර නැව් නාශක මිසයිලවලින් සන්නද්ධ කිරීමට සැලසුම් කර ඇති බවයි.
2025 අග භාගය වන විට අවසන් තේරීමක් බලාපොරොත්තු වන නෝර්වේහි Kongsberg වෙතින් නාවික ස්ට්‍රයික් මිසයිල (NSM) සහ Lockheed Martin's Precision Strike Missile (PrSM) ඇතුළු මිසයිල පද්ධති දෙකක් මිලදී ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව ඇගයීමට ලක් කරමින් සිටින බව වාර්තා වේ.
High Mobility Artillery Rocket System (HIMARS) පද්ධතියේ ජංගම දියත් කිරීම් හරහා යෙදවිය හැකි බලය කිලෝමීටර් 500ක පරාසයක් බව පැවසේ.
2024 දෙසැම්බරයේදී ඔස්ට්‍රේලියාව විසින් HMAS Brisbane ඩිස්ට්‍රායර් නෞකාවේ සිට කිලෝමීටර් 2500 ක දුරක් සහිත US Tomahawk කෲස් මිසයිලය අත්හදා බැලූ අතර එවැනි මිසයිල 200ක් අත්පත් කර ගැනීමට සැලසුම් කරමින් සිටින බව ද පැවසේ