පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසනවා
උන්වන්සේ මෙම අදහස් පළකළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී යි.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ සඳහන් කර සිටියේ මෙවර ජාතික පොසොන් උත්සවය 'අනුබුදු දහමින් ලොවම නිවේවා' යන තේමාව යටතේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කල බවයි
තවද රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතව බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.
පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්.