2025 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම තවත් නොබෝ වේලාවකින් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස විවාදයේ පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් සිටිනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ විසි වන දිනය වූ අද මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ දෙවන දිනටත් විවාදයට ගැණුනා.
අද විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතායි.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද විවාදයට එක්වුණා.
විපක්ෂය වෙනුවෙන් විවාදයේ අවසන් කතාව සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතායි.
විවාදයේ පිළිතුරු කතාව සිදු කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.
ආර්ථික වශයෙන් බංකොළොත් වූ රට මාස 04ක් තුළ ස්ථාවරත්වයකට පත් කිරීමට වත්මන් රජයට හැකි වූ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.