තම ජීප් රථය තවමත් භාර දී නොමැති බවට නීතිඥවරියත් සමග පැමිණි දොඩාවත්ත මහතාගේ බිරිඳ පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙනවා.
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් දික්කසාද නඩුවේ සඳහන් කර ඇති බවත් එම නඩුව විභාග වන බවත් diplomatic passport සමග විදෙස් ගතවීමට පෙර මෙම මෝටර් රථය සොයාගත යුතු බවයි ඔවුන් පවසන්නේ.
මෙහිදී අදහස් දැක්වූ නීතිඥවරිය පවසා සිටියේ මෙවැන්නක්
" දක්ෂිකා දිශානායක නීතිඥවරිය පිළියන්දල පොලිසියට කර පැමිණිල්ල සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව පොලිස් මූලස්ථානයට අපි නැවත පැමිණිල්ලක් යොමු කරා.
මාගේ සේවා දායිකාවගේ ස්වාමියා වන සුසන්ත දොඩාවත්ත මහතා එතුමියට අයිති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය අනවසරයෙන් බලයෙන් එතුමා පාවිච්චි කරනවා.
මේ අවස්ථාවේ මේ මාහතා අනවසරයෙන් ඒ වාහනය භාවිතා කිරීම සම්බන්ධයෙන් තමයි අද පැමිණිල්ල සිදුකරනු ලැබුවේ.මේ වන විට මාගේ සේවායි දායිකාව මේ පුද්ගලයාට එරෙහිව දික්කසාද නඩුවක් පවරා තිබෙනවා.
මේ වාහනය තුන්වෙනි පාර්ශවයක් සඳහාද දීලා තියෙනවා කියලා අපට ආරංචි මාර්ග තියෙනවා.අපි දෙවන වතාවටත් පිළියන්දල පොලිසියට පැමිණිල්ලත් කරත් ඒකට සාධාරණයක් කරන්නටම පොලිසි ස්ථානාධිපතිවරයාට හැකිවන්නේ නෑ.
ඒ නිසා අපි පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් කරා.
රජයට කිසිම මඩක් ගහන්න වුව මනාවක් අපිට නෑ මේ රජය ආවේ සාධාරණා සමාජයක් නිර්මාණය කරනවා කියා.
සුසන්ත දොඩාවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා diplomatic passport එකක් භාවිතා කරමින් තවත් මේ තැනැත්තියගේ සේවා දායිකාවක් යොදාගෙන එක්සත් රාජධානියට විදේශගත වීම සඳහා වීසා ලබාගෙන තියෙනවා "