ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වන අදියර අද ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව කණ්ඩායම් 10 ක් ඉන්දියාවේ නගර 13 කදී තරග වදිනු ඇති.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු සහභාවීමට නියමිතයි.
ඒ අනුව මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමට නියෝජනය කරන අතර වනිදු හසරංග සහ මහීෂ් තීක්‍ෂණ නියෝජනය කරනු ලබන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.
නුවන් තුෂාර තරගවදින්නේ රෝයල් චැලෙන්ජස් කණ්ඩායම සමගයි.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන ලබන ක්‍රීඩකයන් එෂාන් මාලිංග සහ කමිදු මෙන්ඩිස් වනවා.
දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක දිල්ලි කැපිටල් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පිවිසෙනවා.