ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකාවක් සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබෙනවා .
මෙලෙස කොළඹ වරායට සේන්දු වවී ඇත්තේ Destroyer වර්ගයට අයත් ‘MURASAME’ නෞකාවක් වනවා
මෙම නෞකාව දිගින් මීටර් 151ක් හා නැවේ කාර්යමණ්ඩලය 200ක ගෙන් සමන්විත වන අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් HAYAKAWA Masahiro කටයුතු කරනු ලබනවා
මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නැවේ කාර්යමණ්ඩලය දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇති අතර සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව එළැඹෙන අඟහරුවාද (25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.