Sunday, March 23, 2025

General line - 0115112241

 මහාමාන්‍ය ඩී.එස්.සේනානායක73 වෙනි ගුණ සැමරේ



නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි අග්‍රාමාධ්‍යතුමන් වූ දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්.සේනානායකමැතිතුමන් අභාවප්‍රාප්තවී අදට වසර 73 ක් වනවා.

එම 73 වෙනි ගුණානුස්මරණ උත්සවය ටොරින්ටන් නිදහස් චතුරස්‍රයේ පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව අසලදී සිදු කෙරුණා.

ගුණානුස්මරණ කමිටුවේ සභාපති කරු  ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා,සේනානායක පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් විසින් මෙම අවස්ථාවේදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා 

ගුණානුස්මරණ කමිටුවේ සභාපති කරුණු ජයසූරේ මහතා විසින් මෙහිදීී ඩී.එස්.සේනානායක මහතා පිළිබඳ ගුණ කථනයක් සිදුකළා.

කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධම්මකිථ්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපති සංචාරය පූජ්‍ය පාද බණ්ඩාරවෙල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදුකළා.

D S සේනානායක විද්‍යාලයේ සිසුන් විසින් මෙහිදී ගුණ සමරු ගීතය ගායනා කලා.