මීට සුළු මොහොතකට පෙර කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා
එම අනතුරෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි පොලීසිය සඳහන් කර සිටියේ
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහනුවර - දෙහිවල සහ කල්මුණේ - කොළඹ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ
මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලීසිය සඳහන් කර සිටියේ
කෙසේ වෙතත් අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් අනතුරට ලක්ව තිබෙනවා