පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ජංගම දුරකතන යෙදවුමක් අද හඳුන්වාදෙනු ලැබුවා.
පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ජංගම දුරකතන යෙදවුමක් අද හඳුන්වාදෙනු ලැබුවා.
අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මහතා පැවසුවේ ෑක් ෑෘඍ නම් වූ එම ජංගම දුරකතන යෙදවුම හරහා විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපානයන් ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද අදහස් පළ කළා.
පැවති ක්‍රමවේදයට අනුව පසුගිය මැතිවරණ දෙකේදී ලැබුණු පැමිණිලිවලට අදාළ වාර්තා තවදුරටත් සකස් කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති එල්.එම්.ආර්.ඒ. රත්නායක මහතා එහිදී පැවසුවේ.
කෙසේවෙතත් නව ජංගම දුරකතන යෙදුම හරහා ඊට අදාළ කටයුතු කඩිනමින් සිදුවන බවද ඔහු කියා සිටියා.