Monday, March 24, 2025

General line - 0115112241

සංක්‍රමණිකයින් 530,000කගේ ආරක්ෂාව ගැන ඩොනල් ට්‍රම්ප් තීරණයක් ගනී



විවිධ රටවලින් සිය රටට පැමිණි සංක්‍රමණිකයින් 530,000 ලබාදී තිබූ ආරක්ෂාව අවලංගු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව කියුබාව, හයිටි, නිකරගුවාව සහ වෙනිසියුලාව වැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයින්ගේ තාවකාලික නීතිමය තත්ත්වය අවලංගු කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

එමෙන්ම අප්‍රේල් 24 වන දින ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පෙර සිය රටෙන් පිටව යන ලෙසයි අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු අගවා ඇත්තේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් හඳුන්වාදුන් නීත්‍යානුකූල නව සංක්‍රමණික මාර්ගයක් හරහා මෙම සංක්‍රමණිකයන් එරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසු අදාළ නීතිමය තත්වය අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් එරට රජය නිවේදනය කර ඇත්තේ අදාළ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් මාසයක පමණ කාලයක් තුළ පිටුවහල් කිරීමට සැලසුම් කර ඇති බවයි.