K8 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්ව වාරියපොළ ප්‍රදේශයට කඩා වැටීමට අදාළ හේතුව සොයා සිදු කෙරෙන විමර්ශන තවදුරටත් සිදුවන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
එම පුහුණු ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයේ සිදුකල ස්ථානීය පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ.
අදාළ ප්‍රදේශයේ ජනතාවගෙන් ද ඒ පිළිබඳ ප්‍රකාශ ලබා ගනිමින් සිටින අතර කඩා වැටුණු එම යානයේ සුන්බුන් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යන බවද ඔහු කියා සිටියා.
තුවාල ලැබූ ගුවන් නියමුවන් දෙදෙනා කුරුණෑගල රෝහලේ සිට කටුනායක ගුවන් හමුදා රෝහල වෙත මාරුකර තිබෙනවා.
ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්‍ෂණ කමිටුවක් අනතුර සිදු වූ දිනම පත් කළා.