Monday, March 24, 2025

General line - 0115112241

නිව් මෙක්සිකෝවේ ලාස් කෲස් නගරයේ වෙඩි තැබීමක්



නිව් මෙක්සිකෝවේ ලාස් කෲස් නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෝටර් රථ සංදර්ශනයක් අතරතුරදී ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

එම කණ්ඩායම් දෙක අතර ඇති වූ බහින්බස්වීමක් එලෙස වෙඩි හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබෙනවා. 

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් 200ක් පමණ සංදර්ශනය සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී තුවක්කු උණ්ඩ කොපු 50ත් 60ත් අතර ප්‍රමාණයක් එරට පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ මේ වන තෙක් අනාවරණය වී නැහැ.