ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද දින රෝමයේ ජෙමෙලි රෝහලෙන් පිටව යාමට නියමිත බව වතිකානය පවසා තිබෙනවා.
පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමට පෙර ජනතාව හමුවීමට නියමිතයි.
ඒ අනුව උන්වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ වන විටත් ලොව පුරා වෙසෙන ජනතාව පාප් වහන්සේගේ සුවය පතා යාඥා කරන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් පාප් වහන්සේට මාස දෙකක පමණ කාලයක විවේකයක් අවශ්‍ය බවයි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ.
88 හැවිරිදි වියෙහි පසුවන උන්වහන්සේ පසුගිය පෙබරවාරි 14 වන දින රෝහල්ගත කළා.
ඒ, උන්වහන්සේට ඇති වූ දරුණු ශ්වසන ආබාධයක් සහ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන්.
පසුගිය සති පහක පමණ කාලය තුළදී උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූවද මේ වන විට පාප් වහන්සේ සුවය ලබා ඇති බවයි වෛද්‍ය ආරංචි මාර්ග පවසන්නේ.
ශුද්ධෝත්තමයන් වහන්සේගේ කාලසටහනට අනුව උන්වහන්සේ බි්‍රතාන්‍යයේ චාල්ස් රජු හමුවීමට නියමිතව තිබෙනවා.
එසේම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉදිරි කාලය තුළ පාස්කු සැමරුම් සඳහා ද එක්වීමට නියමිතයි.