Tuesday, March 25, 2025

General line - 0115112241

පළාත් පාලන ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලය පවසනවා.

දිස්ත්‍රික් 03කට අදාල ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදිප් පුෂ්පකුමාර මහතා පැවසුවේ.

ඒ අනුව ඡන්ද පත්‍රිකා මිලියන 18ක් මුද්‍රණය කරන බවද ඔහු කියා සිටියා. 

මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 20 වැනිදා නිවේදනය කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වනදා පවත්වන බවයි.