කොළඹ, යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින් එම සමාජ ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරින් සමග ඇති වූ මත ගැටුමකදී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තිබෙනවා.
පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙහිවල, අත්තිඩිය හා තිඹිරිගස්යාය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන බවයි.
කෙසේවෙතත් එම සැකකරුවන් මේ වන විට අදාළ ප්‍රදේශවලින් පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.