Tuesday, March 25, 2025

General line - 0115112241

නීතියට ගරු කරන සමාජයක් බිහි කිරීම ආණ්ඩුවේ මූලික අරමුණයි



නීතියට ගරු කරන සමාජයක් බිහි කිරීම වත්මන් ආණ්ඩුවේ මූලික අරමුණක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රට තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ වන විට ස්වාධීනව කටයුතු කරමින් සිටින බවයි. 


ඉදිරියේදී නීති ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා වැඩිදුරටත් පැවසුවේ.