Friday, April 18, 2025

General line - 0115112241

බටලන්ද වාර්තාව දේශපාලන වාසි ගන්න ගෙන ආ වාර්තාවක් බව රවී කියයි



රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.


මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව දේශපාලන වාසි ලබා ගැනීමට ගෙන ආ වාර්තාවක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.