Wednesday, March 26, 2025

General line - 0115112241

රජයේ මුද්‍රණාලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අද සිට අවලංගු කෙරේ



රජයේ මුද්‍රණාලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා නෙත් නිවුස් වෙත  පැවසුවේ පළාත් පාලන ආයතන ජන්ද විමසීම අවසන් වන තෙක් එලෙස සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කරන බවයි.

රජයේ මුද්‍රණාලයේ රාජකාරි සිදු කරන සමස්ත සේවක සංඛ්‍යාව 1,100ක් පමණ වනවා.

මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව ද තර කර තිබෙනවා.

ඒ පසුගිය 19 වනදා සිටයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා සෙබලුන් මුද්‍රණාලය තුළ ආරක්ෂාවට යොදවා ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

එමෙන්ම රජයේ මුද්‍රණාලය පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා ජංගම රථ සංචාර ක්‍රියාත්මක  බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කෙරුණේ ඊයේ දිනයේයි.

දිස්ත්‍රික් 03කට අදාල ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවද රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදිප් පුෂ්පකුමාර මහතා පැවසුවා. 

මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා නිවේදනය කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වනදා පවත්වන බවයි.