අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
සිය අමාත්‍යංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් එම ව්‍යාජ පුවත සංසරණය වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.
මෙවර ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස් කර සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂය සඳහා මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවන බවත් 'A' සාමාර්තයක් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින් අඩුකර තිබෙන බවත්, විශිෂ්ට සාමාර්තයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුටම හිමි බවත් අදාළ ව්‍යාජ පුවතෙහි සඳහන්ව තිබෙනවා.
ඉහත ප්‍රකාශය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බවත් එවැනි කිසිදු තීන්දුවක් සිය අමාත්‍යංශය හෝ විභාග දෙපාර්තමේන්තුව මගින් ගෙන නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එබැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදු කරන්නේ ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි සඳහා පමණක් බවත් අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.