Wednesday, March 26, 2025

General line - 0115112241

කායික හිංසනයෙන් තොර දඬුවම් ක්‍රම ගැන ගුරුවරුන් දැනුවත් කිරීමට රජයේ අවධානය



ළමුන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් කායික හිංසනයෙන් තොර දඬුවම් ලබාදීමේ නවීන ක්‍රම පිළිබඳව ගුරුවරුන් සඳහා පුහුණුවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

නෙත් නිවුස් සිදුකල කරුණු විමසීමකදී අමාත්‍යවරිය කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව ගුරුසේවයට පැමිණීමට පෙර ගුරු පුහුණු විද්‍යාල තුළදී මෙම පුහුණුව ලබාදීමට සාකච්ඡා වූ බවයි.

දරුවන් ප්‍රචණ්ඩත්වය යොමු වීම වළක්වාගත හැකි වන්නේ වැඩිහිටියන් ආදර්ශමත්ව කටයුතු කිරීම තුළින් පමණක් බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.