වසර පහකට පමණ පෙර ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කළ සිය දරුවන්ට මෙතෙක් එම හැඳුනුම්පත ලැබී නොමැති බව ඇතැම් මව්පියන් චෝදනා කරනවා.
සිය දරුවන් තවදුරටත් භාවිත කරනු ලබන්නේ ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කිරීමේදී ලබාදුන් සහතික කරන ලද තාවකාලික හැඳුනුම්පත් සහතිකයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
වසර පහක පමණ කාලයක සිට භාවිත කරන එම තාවකාලික හැඳුනුම්පත් සහතිකය ද මේ වන විට භාවිත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවයි ඔවුන් පවසන්නේ.
මේ හේතුවෙන් සිය දරුවන් මුහුණදෙන ප්‍රායෝගික ගැටළු කිහිපයක් පිළිබඳ එම ගැටළුවට මුහුණ දී සිටින දරුවෙකුගේ පියෙකු මෙලෙස අදහස් පළ කළා.
මෙවැනි ගැටළුවලට මුහුණ පා සිටින සිය දරුවන්ට ජාතික හැඳුනුම්පත ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි එම මව්පියන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ.