පසුගිය 17 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෛකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 31 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයින් දෙදෙනා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අපරාධය සිදු වූ ස්ථානයට කැඳවාගෙන ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
සැකකරුට අයත් ජංගම දුරකතන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම අපරාධයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.